සෙනඟ අඩුවක් නැති බොරැල්ල මංසන්ධිය හැමවෙලේම තදබදයෙන් පිරිච්ච කූඹි
ගුලක් වගේ.... එහෙට, මෙහෙට, අරහෙට, පහළට, ඉහළට එක එක වැඩට හයියෙන්, හෙමින්
විවිධ වේගවලින්, වයිවාරණ ඇඳුමින් සැරසුණු දහසක් දෙනා යන මේ මාවත් අතරේ
කෙනෙක් කළුපාට බෑග් එකක මොනවද අරගෙන කිංසි පාරෙන් බේස් ලයින් පාරට ආවා.... ඒ
ආව කෙනා බේස් ලයින් පාරේ බොරැල්ල හන්දිය පැත්තට යද්දි කොළපාට කාර් එකක්
ඇවිත් පාර අයිනේ නැවැත්තුවා... ඒකෙන් බැස්ස තරුණයෙක් වට පිට බලලා මේ කළුපාට
බෑග් එක අරන් එන කෙනා දිහාට හැරිලා ෂූ.... ෂූ.... කිව්වා... කළු බෑග් එක
දකුණු අතින් වම් අතට මාරු වුණා.... ඊට පස්සේ එයා එක තැන නැවතුණා.....
"කවුද... මටද....
වගේ බැල්මක් එක්ක එකතැන නැවතුණ කළු බෑග් එක අත දරාගෙන හිටිය කෙනා එක
පාරටම බෑග් එක බිම දාලා අර බේස්ලයින් පාරේ විදුලි වේගයෙන් එහෙට මෙහෙට යන
වාහන ගොන්න අතරට පැනලා පාරේ එහා පැත්තට මාරු වුණා..... තත්ත්පර විසි හතයි
ගියේ... මේ ඔක්කොටොම.... අර තරුණයා බිම තිබුණු කළු බෑග් එක අතට අරගෙන
පාඩුවේ ගිහිල්ලා නවත්තලා තිබුණු කොළපාට කාර් එකේ ඉස්සරහ ෙදාර ඇරගෙන
ඉඳගත්තා...ඊට පස්සේ ඒ කාර් එක හෙමින් හෙමින් බොරැල්ල හන්දිය පැත්තට යන්න
පටන් ගත්තා.... අර කළුපාට බෑග් එකේ තිබුණේ මොනවද.... මේ සතියේ මං ඔබෙන් අහන
ප්‍රශ්නේ ඒකයි... උත්තර කොච්චර තිබ්බත් ඒ හැම උත්තරයක්ම වැරැදියි... මොකද
මේ කොළඹ මේ වගේ දෙයක් කරන්න ලේසියෙන් කෙනකුට බැරි හින්දා..... මට හිතෙනවා
උදව්වක් කරන්නත් ඔබට..... දන්න අයට දැනගන්නවත් එක්ක මං මෙහෙම කියන්නම්....
මේ බෑග් එකේ තිබුණේ රුපියල් පහළොස් දාහක් වටිනා සම්පූර්ණ දෙයක්... හැබැයි
කොළපාට කාර් එකේ ආව තරුණයා ඒක ගෙනිච්චට ඔබ නම් ජීවිතේට මේක අරගෙන යන්නේ
නෑ... හරි... උත්තරේ දැනගන්න ටික දවසක් ඉවසන්න... අද අපි යමු අමුතු
තැනකට....
මේකේ හැමතැනම නයි ඉන්නවද....
අපෝ ඔව් මහත්තයා... හැමතැනම ඉන්නවා... මහත්තයාට නයෙක් අල්ලගන්නද ඕනේ...
නෑ... නෑ... මං මේ විස්තර ටිකක් දැනගන්න...
මොනා ගැනද....
නයි ගැන....
මේ හැම තැනම ඉන්නවා මහත්තයා... දැන් මේ හරිය කතෝලික පැත්තනේ... අද
ෆියුනරල් එකක් තියෙනවානේ... නැත්නම් මේ හරිය පාළුයි... මේ හරියේ ඉඳලා අර
අෑත පේන කැලෑව දිහාට යනකම් නයි නම් අඩුවක් නෑ....
නයි විතරද සර්පයන්ගෙන් ඉන්නේ....
නයි විතරයි අපි නම් දැකලා තියෙන්නේ... කලාතුරකින් ගැර¾ඩියෙක් දෙන්නෙක්
ඉන්නවා... මේ පේන සොහොන යට දැන් වුණත් නයෙක් ඉන්න පුළුවන්... කොතැන ඉන්නවද
කියලා හරියට කියන්න බෑ... හැබැයි මුළු ලංකාවෙන්ම අඩුම ඉඩක මෙච්චර ගොඩක් නයි
ඉන්නේ නම් මෙහේ තමයි....
මේකේ කොච්චර විතර වපසරියක් තියෙනවද....
බොරැල්ල කනත්ත කියලනේ කියන්නේ... ඉස්සර නම් අක්කර පනහකට වඩා තිබුණලු...
ඒත් දැන් නම් කියන්නේ අක්කර හතළිස් එකයිද කොහෙද කියලා... ගාණ හරියට දන්නේ
නෑ අපි... ඒක නෙවෙයි අන්න අතන තියෙන සොහොන අයිනේ කාමරේ පේනවද... අන්න ඒකේ
අපි දන්න කාලේ ඉඳලා ඉන්න නයෙක් ඉන්නවා... අර අතන පේන බෝ ගහේ ඉන්නවා සුදු
නයෙක්...
ඇත්තටම කීයක් විතර දැකලා තියෙනවද නයි...
මේ බ්ලොක් අටේ ඉන්නවා අපි ඇහැට දැක්ක නයි තුන්සීයකට වැඩියි..... මහත්තයා
කියන්නේ හවස හයයි තිහ වෙද්දි උන් ඔක්කොම වගේ මේ හැම තැනම යන්න පටන්
ගන්නවා... හැබැයි මහත්තයා අද වෙනතුරු කාටවත් හිරිහැරයක් වෙලා නම් නෑ....
උන් උන්ගේ පාඩුවේ ඉන්නේ... අනික ඉතින් අපිත් ඒ ගැන දන්න හින්දා රෑ හය හතෙන්
පස්සේ කනත්තේ වැඩිය ඇවිදින්නේ නෑ... හදිස්සියේ හරි පෑගුණොත් සිල් ගත්ත නයා
වුණත් කනවනේ... මොකටද දැන දැන කරදරේ වැටෙන්නේ...
පාට පාට එවුන් ඉන්නවද....
අපෝ ඔව්..... දුඹුරු, කළු, සුදු, වයිරන් තියෙන, එක එක සයිස් නයි ඉන්නවා... අපි දැකලා තියෙනවා එක දිගට යන නයි දෙන්නා තුන්දෙනා පවා...
උන් කන්නේ මොනවද....
ඇයි සර්.... මීයෝ... ගෙම්බෝ... තව අර බුඩිස්ට්, හින්දු පැත්තට වෙන්න තියෙන කැලෑවේ හාවෝ හිටන් ඉන්නවනේ... උන්ව තමයි කන්නේ...
කැලෑව කිව්වේ...
අර පේන පන්සල හරියට එහා... ඒ හරියේ තමයි ගොඩාක් ඉන්නේ... එතකොට අර ඊට
එහා පේන රුක් අත්තන ගහ ළඟ අඩි දහයකටත් වඩා විශාල නයෙක් ඉන්නවා... අපි දැකලා
තියෙනවා දවල්ට පවා... ඒ හරියේ අව්ව තැප තැප ඉන්න වෙලාවල් තියෙනවා...
මේ නයි සොහොන්වල පදිංචි වෙලා වගේ ඉන්නවද....
එහෙනම්.... සමහර නයි අපි ළඟින් ගියත් ඔහේ ඉන්න වෙලාවල් තියෙනවා... ඒ
වගේම මේ සොහොන් වළවල් යට මුන්ට ඉන්න තැන් ගුල් තියෙනවා... ඒවාට රිංග
ගන්නවා... ආයි ඉතින් සම්මෙකට හොයන්න බෑ... සමහර වළවල් කපද්දි එහෙමත් ගුල්
හම්බු වෙනවා... ඒවා කොහේට යනවද දන්නේ ඒවායේ ඉන්නෙ නයිම තමයි... ඒ වගේම සමහර
වෙලාවට මේ ගුලට රිංගන නයාට වඩා ලොකු වෙන පාට නයෙක් තව ටිකකින් මේ ගුලෙන්ම
එළියට එනවා අපි දැකලා තියෙනවා... ඒ කියන්නේ මේ කනත්තේ මුළු පොළොවම උමං
මාර්ගයක් වගේ කියන එකනේ...
නයි... නයි... පොරකනවා දැකලා නැද්ද...
එහෙම දැකලා නෑ... හැබැයි නයි,
හැපින්නියෝ එකතු වෙනවා නම් දැකලා තියෙනවා... ඒ වුණාට රෑ සමහර දවස්වලට
පුස්... පුස් ගගා නයිද වෙන සර්පයෝද දන්නේ නෑ පිඹිනවා නම් ඇහිලා තියෙනවා
පඳුරු පෙරළ පෙරළ... ඒ වගේම සමහර අය ඉන්නවනේ මෙතැනට ඇවිත් බිත්තර එහෙම තියලා
යන අයත්... ඒවා කන්නත් පුරුදු වෙච්ච උන් ඉන්නවා... කොහොම වුණත් හවස
හයහමාරෙන් විතර පස්සේ ආවොත් නයෙක් බලාගන්න නම් පුළුවන් අනිවාර්යයයෙන්ම මේ
කොහෙන් හරි....
එතකොට නයි අල්ලන අය එහෙම ඇවිත් නැද්ද මෙහේ එවුන් අල්ලන්න...
අතට
නම් අහුවෙලා නෑ... ඒත් නයෙක් අල්ල ගන්න නම් බැරි නෑ ඇතුළෙන් කෙනෙක්ට...
මහත්තයා කියන්නේ ලංකාවේ කොහේවත් නැති තරම් නයි මේ කනත්තේ ඉඩේ ඉන්නවාමයි...
එතකොට අර කිව්ව නයි නැවතිලාම ඉන්න තැන කොතනද....
මේ පාර දිගේ යනකොට
මිනී ඇටසැකිලි ගහපු ලොකු කොන්ක්‍රීට් ගෙයක් වගේ එකක් තියෙනවා... ඉබ්බෝ
දාලා... යකඩ ෙදාරවල් දාලා... එතැනට ඔළුව දාලා බැලුවත් පේනවා නයි හැවවල්...
ඒක ඇතුළේ ෂුවර්ම තමයි... ඒ ඇරෙන්න දන්න වළවල් ගණනාවකම ඉන්නවා... හැබැයි
මහත්තයා උන්ගෙන් කාටවත් කරදරයක් නෑ... හරියට කිව්වොත් තමන්ගේ ගෙදර ඉන්නවා
වගේ දරන ගහගෙන ඉන්න නයි ඉන්නවා... මහත්තයා පොටෝ ගන්නවා නම් දැන් වුණත් යන්
පෙන්නන්න...
මේ කොළඹ හත... මේ වගේ දියුණු යුගයක දියුණු පුරයක වුණත් මොන
තරම් දේ ඔබේ මගේ නෙත් දෙකට නොදැකී යළි යළි වැඩෙමින් යළි යළි විනාශ වෙමින්
යන අපූරුව... හරි... නයි කතාව ඉවරයි... මේ කතාව පටන් ගත්ත, කළු බෑග් කතාව
ඉදිරි සතියක කියවුමද... ඔබ මඟ බලාගෙන ඉන්න... ලංකාවෙම ෆස්ට් ටයිම් දැක්ක
වැඩක දෙවැනි කතාවයි ඒක.... ඇත්තම කිව්වොත් මට නම් පට්ට කතාව ඒකයි...